එසේම රාජධානිය අවට ජනතාවගේ හිත සුව පිණිස, යහපත පිණිස යන්ත්‍ර මන්ත්‍ර ,තොවිල් පවිල් ,දෙවොල් මඩු ආදියද පැවැත්වීමටද කටයුතු කළහ.ගම් දනව් හි සැරිසරමින් සිටි ඇදුරන් ඇතුළු පවූලේ උදවිය හිතවත්කම් පිණිසද , ගෙවල් දොරවල් තුල නැවතී කටයුතු කිරීමටද විය.ඒ අතර තුර කාලයේදී රාජධානියේ තේවා අවස්ථාවක් ඔවුන්ට මගහැරිනි..ඒ හෙයින් රාජකීය රජු සියලුම ඇදුරු පිරිස රාජධානියෙන් පිටමන් කිරීමට කටයුතු කිරිය..යන එනමන් නොවූ අදුරු පිරිසේ එක්කෙනෙක් බෙන්තර ගගෙන් එහාටත් ,සහෝදරිය කුරුගල ප්‍රදේශයටත් ,තවකෙකු බොල්ලෑගල ප්‍රදේශයටත්,රයිගම ඔලබොඩුව ප්‍රදේශයටත්, ඔවුන්ගේ බාල සොහොයුරු වාද්දුව ප්‍රදේශයටත් පිටත්ව ගියහ. එක් එක් ප්‍රදේශ වලට ගිය ඔවුන්ට නැවත සිටීමට ස්ථානයක් නොවූ හෙයින් නැවතත් යන්ත්‍ර මන්ත්‍ර හා තොවිල් ,දේවොල් මඩු ආදිය පවත්වා ගමේ උදවියගේ හිත දිනාගැනීමට සමත් විය.එමෙන්ම ඔවුන්ගේ බෙර හේවිසි ශාස්ත්‍රීය ඥානය දුටු ගම්පතිවරු ගම තුල නවතා ගැනීමට කයුතු කළහ..
Posts
රයිගම් විත්ති
- Get link
- X
- Other Apps
ඉන්දියාව සොලී රට සේරමාන් නමැති රජුට හටගත් හිසේ රුජාව සන්සිදලීමට නොහැකි වූ හෙයින් නක්ෂත්ර බමුණන් පැවසු ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි අටළොස් කුලයකින් යුත් පිරිස අතර ගී ඇදුරු,වඩු ඇදුරු,පෙදෙරේරු වැනි අටළොස් කුලයෙන් යුත් ඇදුරු පිරිසේ ගුරු ඇදුරු පිරිස වත්තල් මහා තොටින් ගොඩ බැස රුවන් වැල්ල ප්‍රදේශයේ පවත්වන ලද ප්‍රථම දෙවොල් මඩු මංගල්‍යට සහභාගීවිමෙන් අනතුරුව ,පිරිසක් එම ප්‍රදේශයෙහි සීතාවක රාජධානිය තුල පදිංචි වූ බව සදහන් වේ......